අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්රදේශයේදී ඊයේ 30 රාත්රී පුද්ගලයෙකු ඔහුගේ නිවස ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.
අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්රදේශයේ තම නිවස ඉදිරිපිටදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි සනත් එදිරිසූරිය නමැති දෙදරු පියෙකි.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ රාත්රී 9.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. ඝාතනය සම්බන්දයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.