කොවිඩ් 19 වෛරසය ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා 15 පස්වරුවේ හම්බන්තොට රෝහලේදී ජීවිතක්ෂයට පත්විය.
මිට සති තුනක පමණ කාලයකදී කොවිඩ් වෛරසය අසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති මන්ත්‍රීවරයා සුවවී ඇති අතර නමුත් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ඔහුට තිබු වකුගඩු රෝගිත්ත්වයක් උස්සන්න වීමෙන් මරණය සිදුවී ඇතිබව වෛද්‍යවරු පවසති.
නිරෝධායන නීතියට අනුකූලව ඔහුගේ දේහය 16 දින උදෑසන අම්බලන්තොට ලුණම ආදාහනාගාරයේදී ආදාහනය කෙරුණු අතර මෙම අවමංගල්‍ය අවස්ථාවට ධනසේන මහතාගේ පවුලේ ඥාතීහූ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතාද සහභාගී වූහ.