ලෝක අමද්‍යප දිනය දා රත්නපුර නගරයේ නීති විරෝධි ලෙස වැඩි මිළට රජයේ මැත්පැන් අලෙවි කල පුද්ගලයෙකු විවිධ වර්ගයේ මත්පැන් බොතල් එකසිය පහළොවක් සහ බීර ටින් එකසිය හතළිහක් සමග ඊයේ (03දා) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.
රජයේ තැබැරුම් වසා දමා තිබියදි රත්නපුර නගරයේ වැඩි මිළට මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් එම ස්ථානය වෙත උපාය දුතයෙකු යොදවා රජයේ අරක්කු බෝතලයක් මිළ දි ගෙන තිබේ. එහි පාලන මිළ ඉක්මවා රුපියල් 3200ක් වැනි මිළකට පොලිස් උපාය දුතයාට අලෙවි කර තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වු පොලිස් නිළධාරින් එම ස්ථානය වටලා සෝදිසි මෙහෙයුමක් කල අවස්ථාවේ වැඩි මිළට අලෙවි කිරිම සදහා එම ස්ථානයේ සගවා තිබු විවිධ වර්ගයේ අරක්කු බෝතල් 115ක් සහ බීර ටින් 140ක් සමග අලෙවි කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ලෝක අමද්‍යප දිනය යෙදි තිබු ඊයේ (03දා) නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා තිබියදි මෙසේ වැඩි මිළට රජයේ ලියාපදිංචි අරක්කු අලෙවි කර තිබේ.
අත්අඩංගුවට ගත් අරක්කු සහ පුද්ගලයා අද (04දා) රත්නපුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වැටලිම සිදුකල පොලිස් නිළධාරින් පවසයි.
ගොඩකවෙල- ඩබ් ඒ පියතිලක
