Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
නව රජයේ ඇමතිවරුන්ට අයත් අමාත්‍යාංශවල විෂයන් සහ ආයතන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිතුක්කර ඇති අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ආරක්ෂක අමාත්‍යාංශයට ආයතන 31ක් පවරා ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අයත් අමාත්‍යාංශ සඳහා ආයතන 88ක්ද, චමල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය දරන මහවැලි කෘෂිකාර්මික අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය සඳහා ආයතන 37ක්ද පවරා තිබේ.
එමෙන්ම බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය ධුරය දරන තොරතුරු හා සන්නිවේදන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ආයතන 44ක්ද, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍ය ධුරය දරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ආයතන 42ක්ද පවරා ඇත.
නව රජයේ අමාත්‍යවරුන් හා අමාත්‍යාංශයවලට අයත් විෂයන් කාර්යභාරය සහ දෙපාර්තමේන්තු පැවරීමේ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය (අංක 2153/12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරේදා (10දා) දිනය සහිතව නිකුත්කර තිබේ.
ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය තුළ අමාත්‍යවරුන් 16 දෙනෙකු පමණක් සිටියද, ආයතන වෙන්කිරීමේදී අමාත්‍යාංශ 29ක් හඳුනා ගමිනින් ආයතන වෙන්කිරීම සිදුකර තිබීමද විශේෂත්වයකි.
1990 සුවසැරිය ගිලන්රථ සේවය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා තිබීමද එහි තවත් විශේෂත්වයකි.
ආයතන වෙන්කිරීමේ මෙම ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පත්කර ගෙන ඇති අතර, එයට අයත් ආයතන සංඛ්‍යාව 31කි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතන 31ක් ඒ සඳහා ඇතුළත් කර තිබේ.
අග්‍රාමාත්‍ය සහ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා සඳහා ආයතන 88ක් වෙන් කර ඇත.
ඒ අනුව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය වෙත මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව, නීති කටයුතු දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ලෝහෝර් ආර්යා මුදල, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, සියලු රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම් හා ආශ්රිත ආයතන, ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල, රාජ්‍ය සම්පත් කළමනාකාරණ සංස්ථාව ඇතුළු ආයතන 48ක් පවරා තිබේ.
බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ සඳහා බුද්ධශාසන අරමුදල, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්ත්‍රියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමිත කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික චිත්‍රපටි සංස්ථාව, ශ්‍රී ලංකා පදනම, නෙලුම් පොකුණ, ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය ඇතුළු ආයතන 23ක් පවරා ඇත.
නාගරික සංවර්ධන ජල සම්පාදන නිවාස පහසුකම් අමාත්‍යාංශය වෙත නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන 17ක් ගැසට් කර තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතා අමාත්‍ය ධුරය දරන අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා ආයතන 20ක් පවරා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මහා භාරකාර දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානි පූර්ණ කාර්යාලය ඇතුළු ආයතන 20ක් මෙලෙස වෙන්කර තිබේ.
ආරුමුගන් තොණ්ඩමන් මහතා අමාත්‍ය ධුරය දරන ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහා ආයතන 06ක් පවරා ඇත.
සෞම්යමුර්තී තොණ්ඩමාන් අනුස්මරණ පදනම, නැවත පදිංචි කිරීමේ අධිකාරය, ග්‍රාම ශක්ති කාර්යාංශය, වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන අධිකාරය ඇතුළු ආයතන 06ක් එයට ඇතුළත්ය.
දිනේශ් ගුණවර්ධන මහතා අමාත්‍ය ධුරය දරන විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සඳහා ආයතන 22ක් පවරා ඇත.
ඒ අනුව විදේශ සබදතා අමාත්‍යාංශය වෙත විදේශ රාජ්‍ය දූත මණ්ඩල, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයන ආයතනය පවරා ඇති අතර, නිපුනතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, කම්කරු දෙපාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව, විදේශ රුකියා නියොජිතයතනය ඇතුළු ආයතන 19ක් ගැසට් කර තිබේ.
ඩග්ලස් දේවානන්දා මහතා අමත්‍ය ධුරය දරන ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ වෙත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සීනෝර් පදනම, ලංක ධීවර සංස්ථාව ඇතුළු ආයතන 07 පවරා ඇත.
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍ය ධුරය දරන කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ සඳහා ආයතන 42ක් පවරා ඇත.
ඒ යටතේ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වැඩිහිටි මහලේකම් කාර්යාලය ඇතුළු ආයතන 14ක් වෙන්කර තිබේ.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය වෙත සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, සියලුම ජාතික ශික්ෂණ හා රජයේ රෝහල්, ජාතික වෛද්‍ය සභාව, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, 1990 සුවසැරිය පදනම, වකුගඩු අරමුදල ඇතුළු ආයතන 28ක් ගැසට් කර ඇත.
එසේම බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය ධුරය දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සඳහා ආයතන 44ක් ගැසට් නිවේදනයෙන් වෙන්කර තිබේ.
ඒ අනුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලික සමාගම්, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ජාලය, සීමාසහිත ලංකා එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම, තැපැල් දෙපාර්තමේන්තුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 16ක් පවරා ඇත.
උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යාංශය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහපොල භාරකාර අරමුදල, ජාතික විද්‍යා පදනම, ආතර් සී ක්ලාක් ආයතනය, ග්‍රහලෝකාගාරය, විදාතා මධ්‍යස්ථානය ඇතුළු ආයතන 28ක් වෙන්කර තිබේ.
ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අමාත්‍ය ධුරය දරන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ආයතන 13ක් ගැසට් කර ඇත.
සියලු දිස්ත්‍රික් ලේක්ම් කාර්යාල, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, දේශීය ණය සංවර්ධන අරමුල ඇතුළු ආයත 13ක් එයට ඇතුළත්ය.
චමල් රාජපක්ෂ මහතා අමත්‍ය ධුරය දරන මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය වෙත ආයතන 37ක් පවරා ඇත.
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, මහවැලි අධිකාරය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 26ක් වෙන්කර තිබේ.
එමෙන්ම අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය, අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව, ලංකා සතොස ආයතනය ඇතුළු ආයතන 11ක් ගැසට් කර ඇත.
ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍ය ධුරය දරන අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහා ආයතන 26ක් ගැසට් නිවේදනය මගින් වෙන්කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, ගුරු විද්‍යාල, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, විභාග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 13ක් පවරාදී ඇත.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහා ජාතික ක්‍රීඩා සංකීරණය, ජාතික ක්‍රීඩා විද්‍යායතනය, ජාතික ක්‍රීඩා සභාව, ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය, ජාතික තරුණ සේවා සභාව ආයතන 13 වෙන්කර ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධුරය දරන මාර්ග සහ මහාමාර්ග වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය සඳහා ආයතන 05ක් වෙන්කර තිබේ.
මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මාර්ග නඩත්තු භාර අරමුදලද, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය සහ සීමසහිත නැව් සංස්ථාව එම ආයතන වේ.
විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාවසාය සංවර්ධන කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ සඳහා ආයතන 29ක් ගැසට් කර තිබේ.
ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අධිකාරිය ඇතුළු ආයත 06ක් පවරා ඇත.
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය, ලංකා අශෝක් ලේලන්ඩ් පුද්ගලික සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව, ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරය ඇතුළු ආයත 23ක් වෙන්කර තිබේ.
මහින්ද අමරවීර මහතා අමාත්‍ය ධුරය දරන මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත ආයතන 19ක් වෙන්කර ඇත.
ඒ අනුව මගී ප්‍රවාහන හා කළමණාකරණ අමාත්‍යාංශය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රීලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආයතන 08ක් වෙන්කර තිබේ.
විදුලිබල බලශක්ති අමාත්‍යාංශය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඛනිජතෙල් සම්පත් සංවර්ධන කාර්යංශය ඇතුළු අයාතන 11ක් පවරා ඇත.
එස්.එම්. චන්ද්‍රසේන මහතා අමාත්‍ය ධුරය දරන පරිසර සහ වනජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වෙත ආයතන 19ක් ගැසට් කර තිබේ.
ඒ අනුව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 12ක් පවරා ඇති අතර, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 07ක් පවරා ඇත.
රමේශ් පතිරණ මහතා අමාත්‍ය ධුරය දරන වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ආයතන 28ක් පවරා ඇති අතර, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, ශ්‍රීලංකා තේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ඒ සඳහා අතුළත්ය.
ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය ධුරය දරන කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය වෙත ආයතන 09ක් ගැසට් කර තිබේ.
කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයද සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරය, ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඇතුළු ආයතන 07ක්ද වෙන්කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd