ඌරගස්මංහන්දිය හල්ගහවෙිල්ල , ගල් ලිද අසල කුඹුරු වෙල්යායේ නියරක් මත අභිරහස් අයුරින් මියගිය පිරිමි අයෙකුගේ මළ සිරුරක් අද (21දා)සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
ඌරගස්මංහන්දිය ගිනිගල්පෙදෙස පදිංචි විසිහතර හැවිරිදි කසුන් මාධව නමැති තරුණයෙකුගේ බවද පොලීසිය කියයි.
මියගිය තැනැත්තාගේ දකුණු පාදයේ කම්බියකට පිලිස්සී තුවාලයක් සෑදී ඇති අයුරු දක්නට ලැබෙන බවත් ඒ අනුව මේ තරුණයා වෙල්යායට එන වල් ඌරන් මැරීමට දමා ඇති අනාරක්ෂිත විදුලි රැහැනකට පැටලී මිය යන්න ඇති බවට සැකකරන බවත් පොලීසිය කියයි.
ඌරගස්මංහන්දිය ප්රදේශයේ මේ ආකාරයට නිතී විරෝධී ආකාරයට සත්ව ඝාතනයට දමා ඇති අනවසර විදුලි රැහැන්වල පැටලී කිහිපදෙනෙකුම මිය ගොස් ඇති බවද පොලීසිය කියයි. ඌරගස්මංහන්දිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත
