ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතින බවත් දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බවත් ජනපතිවරයා පැවැසීය.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්රණ මාලාවේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති පළමු සාකච්ඡා වටයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂා කරන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙළ විජයග්‍රහණය කරවීමට තවදුරටත් කැපවන බව සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීයවේදීහු මෙහිදී කියා සිටියහ.
