“අපේම අයගේ සිමාවක් නොමැති වංචා දුෂණ හේතුවෙන් අරගලය බිහි වුණා.ඒ සමගම ජනතාව අපෙන් ඈත් වීම පටන් ගත්තා” යැයි රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා සිටියෙ ඉකුත් මැයි 09 දා කලහකාරී පිරිස් විසින් දංකොටුව නගරයේ සිය නිවස ආසන්නයේ පිහිටි ගිනි තබා විනාශ කළ කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර මහජනතාව සඳහා යළි විවෘත කිරීමේ අවස්ථාවටවට සහභාගී වෙමිනි.
“අපේ දේශපාලඥයින්ගේ ඉවක් බවක් නොමැතිව කරපු වංචා දුෂණ නිසා අරගලය මතුවුණා.ඒ අරගලයත් සමග ජනතාව අපිට තිබුණ බැදිම නැතිව ගියා. මෙය දේශපාලඥයිනට හොද පාඩමක්.
දේශපාලඥයින් පමණක් නොවන බවත් හිටපු ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරින් මේ සියල්ලටම වගකිව යුතුයි.”
ඊයේ දිනට යෙදී තිබූ අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයාගේ 51 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම කාර්යාලය රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලය හා සිය සමීපතම හිතවතුන්ගේ මූල්‍ය දායකත්වයෙනි.
‘’අරගලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ජනතාවට විශාල ප්‍රශ්ණ තිබුණා.මේ විපාකය විඳින්නට වුණේ අපේම අයගේ වැරදි නිසයි.
සමහරක් අපේ අය වංචා දූෂණ සිදු කළ නිසයි. දැනටත් වංචා දූෂණ වලට සම්භන්ධ වෙලා ඉන්න කොටස් ඉන්නවා. ඉතින් මම හිතනවා ඒ අය නිසා තමයි අපට මෙහෙම වුනේ. අපි එහෙම කළේ නෑ.
අපෙන් වුන මගහැරීම් අපි පිළිගන්න ඕන. අරගලය ගැන කණගාටුවක් ඇතිවෙනවා වගේම එක පැත්තකින් සතුටක් ඇතිවෙනවා. දේශිය ආදායම් වැඩි කරගන්න නාස්තිය දූෂණය නැතිකර කරගන්න එහෙම ඇස් ඇරීලතියෙනවා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා හැත්තෑදාහක් මට පුත්තලම දිස්ත්‍රික්කෙ ඡන්දය දුන්න අය. ලක්ෂ 69 හිටපු ජනාධිපතිතුමාට ඡන්දය දුන්න අය.”
ඉකුත් මැයි 09 වෙනි දින කලහාකාරී පිරිස් අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවස හා කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන් විනාශ කළේය. මේ හේතුවෙන් තමනට සිදුවු අලාභය සම්බන්ධව අරුන්දික ප්‍රනාන්දු මහතා දංකොටුව පොලිසිය හමුවේ පැමිණිල්ලක් සිදු කිරීමට කටයුතු කෙරිණි. ඒ මහතාගේ නිවස අලාභහානි කළ විස්සකට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරීමට කටයුතු කෙරිණි.