පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 46ක් අද (04දා) දිනය වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පසුගිය මස 03 වැනි දින සිට අද (04දා) උදේ 6.00 දක්වා කාලයෙහිදී ලැබුණු පැමිණිලිවලට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ ආධාරකරුවන් 199ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මෙම කාලයෙහිදී පොලිස් ස්ථානවලට පැමිණිලි 549ක් වාර්තා වී තිබෙන බවත් මෙම පැමිණිලි අතර අපරාධමය පැමිණිලි 112 ක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි 437 ක් වාර්තා වී තිබෙන බවද පොලීසිය සඳහන් කරයි.
මෙම පැමිණිලිවලට අනුව වාහන 44 ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද (04දා) උදේ 6.00 අවසන් පැය 24 ක කාලයෙහිදී පමණක් අපේක්ෂකයන් 03 ක් හා ආධාර කරුවන් 09 ක් අත්අඩංගුවට ගෙන තිබේ.