අපේ සමහර මන්ත්‍රීවරු මට ඇමතිකම් ඕන කියලා මාධ්‍ය තුළින් තර්ජනය කරනවා - අලුවිහාරේ
අපේ සමහර මන්ත්‍රිවරු මට මේ ඇමතිකම ඕන කියලා මාධ්‍ය තුළින් තර්ජනය කරනවා මම දැක්කා . ඒවා වැරදි අපි ඒවා අනුමත කරන්නේ නෑ.මාතලේ දිස්ත්‍රික්කය දිනලත් මටත් අද ලැබිලා තියෙන්නේ රාජ්‍ය ඇමතිකමක්. අපිට තනතුරුවලට වඩා වටින්නේ ජනතාව යැයි රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
අලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව අලුවිහාරේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ(28) වන දින පැවති ජනහමුවක් අමතමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
මාතලේ ජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මාතලේට කුඩම්මාගේ සැලකිලි කියලා .අපි දැනගත යුතුයි 19 වන සංශෝධන යටතේ තනි පක්ෂයකට කැබිනට් ඇමතිකම් 30ක් පමණයි දරන්න පුළුවන් විවිධ අර්බුද ප්‍රශ්න නායකත්වයටත් තියනවා අපි මේ මොහොතේ තනතුරු වලට වඩා ජනතාව පක්ෂය ආණ්ඩුව ගැනයි සිතිය යුත්තේ .ඉදිරි මස අවුරුද්ද මැතිවරණ වර්ෂයක් අපිට ආණ්ඩුව නැතිව ජයග්‍රහණය කරන්න අමාරුයි. දැන් අපිට ආණ්ඩුව තියනවා අපි ඒ හයියත් එක්කයි මැතිවරණය කරන්නේ.
මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කියනවා ඔවුන්ට ඇමතිකම් එපා එජාපයෙන් එන අයට ඇමතිකම් දෙන්න කියලා . ඔවුන් ඒ කැප කිරිම කරන්නේ ඇයි ඔවුන්ට ආණ්ඩුව ඕන නිසා ඔවුන්ට ආණ්ඩුව නැතිව ජයග්‍රහණය කරන්න බැරි නිසා. අපි ඉදිරි මාස කිහිපය තුළ නැවත ගම්පෙරළිය වැඩසටහන් වගේ ගමට සංවර්ධනය ගෙන යන වැඩසටහන් රැකියා දෙන වැඩසටහන් කඩිනමින් ආරම්භ කරනවා .
මාතලේ - රවීන්ද්‍ර විරාජ්

popular news
-
Saththaya Saturday, 29 December 2018 01:43 PM
ඔබේ අදහස ගැන ආඩම්බරයි . එය ඉතාමත් අගේ කොට සැලකිය යුතු කරුණක් . දැන් ජනතාවට අවශ්‍ය වන්නේ සමාජ සේවකයෝ මිසක් , (හැබැයි ජනතාව රවටන්න ආපු සමාජ සේවකයෝ වගේ නෙමේ ) පට්ටම් ඇතිව මුදලට චන්දය ගන්න හදන දේශපාලුවෝත් මේ රටට හොද කරන්න බැරි පිළිකාවක් . ඉස්සෙල්ලම අපි සල්ලි සෙල්ලමෙන් මිදිය යුතුයි . ප්‍රතිපත්තියක් සහ ආධාර්ශයක් හැටියට . නමුත් රට ගැන නොසිතා බලපෑම් කිරීම , මහත්මා ගතිගුණ වලට ගැලපෙන්නේ නැහැ . රට විනාස වෙන එකයි වෙන්නේ . විනාස වෙලා තියෙන රට ගොඩ ගන්න පරණ සෙල්ලම් දාල හරි යන්නේ නැහැ . අවංක වෙමු .
Reply : 0 104
Nisantha Saturday, 29 December 2018 09:16 PM
මාතලේ දිස්ත්‍රික්කයේ මේ අවුරුදු 3ට සැලකිය වැඩක් වී නොමැති අතර මේ අලුවිහාරේ ලා තමන් ගේ තනතුර ආරක්ශා කරගැනීමේ උත්සාහයි පසුගියකාලයේ කිසිදු දේශපාලන වැඩක් නොකළ බව මුලු මාතලේ ජනතාව දන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
