මහ කන්නයේ ග්‍රාමීය ගොවීන්ට නොමිලයේ ලබාදීමට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 9300ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චංග් මහත්මිය සඳහන් කරයි.
මෙම පොහොර තොගය බෙදා හැරීම ශක්තිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් හරහා සිදුකරන බවත් ඇය සඳහන් කරයි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය විසින් මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.