අපේ නායකතුමා සුපිරි ගෙම්කරුවෙක්
ශ්රි ලංකා පොදුජන පෙරමුණේ කිසිම අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්වීමට කටයුතු නොකරන බවත් එසේ පැවැත්වුවහොත් නාමල් රාජපක්ෂ මහතා පරජය වන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රි නවින් දිසානායක මහතා පවසයි.
එසේම එක්සත් ජාතික පක්ෂයේ නාරක රනිල් වික්රමසිංහ මහතා 'සුපිරි ගේම්කරුවක්, රනිල් වික්රමසිංහට ගේම් ගහන්න කවුරුත් නෑ. එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක්ට ගැහුවා. එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක ගේම් එකකට ලෑස්තිය' යැයිද ඔහු පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය පවත්වන යුක්තියේ ජනසටන රැළියේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
" රාජපක්ෂලා බලය ගන්න කුමන්ත්රණ කරනවා. හෙට ඉදලයි සටන පටන් ගන්නේ. අපිට තිබෙන අභියෝගය ශ්රි ලංකා නිදහස් පක්ෂය නෙමෙයි. අපිට තිබෙන අභියෝගය ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා මහින්ද රාජපක්ෂ මහතායි.
අපි තනතුරු තෝරාගන්නේ රහස් ඡන්දයෙන්. තව මාස හය හතකින් ජාතික මැතිවරණක් පවත්වනා අපි කුලියට වැඩ කරන්න ලෑස්ති නෑ. අපි ඉදිරිපත් කරන්නේ අපේ නායකයෙක්"

popular news
-
dilum Tuesday, 18 December 2018 10:09 AM
එකෙන්ම මුන්ගේ හැටි පේනවා නේද? අපේ චන්දයක් අරන් ගේම ගහනවලු ප්රජාතන්ත්රවාදය කියන්නේ ගෙමක්ද?ජනතා බලය මෙහෙම ගේමේ ගහන බුකී කරින්ට වෙනස් කරන්න පුලුවන්නම් එතන කොහෙද ජනතා පරමදිපත්යක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
