අපේ ජන බලවේගය පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඝාතනය කිරීමේ කුමන්තරණයක් පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව අම්බලන්ගොඩ පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසය කියයි.
සමන් පෙරේරා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මේ පරීක්ෂණය ආරම්භ කළ බව එම කොට්ඨාසය කියයි.
තමාව ඝාතනය කළහොත් රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදෙන බව භික්ෂූන් වහන්සේ නමක් සමන් පෙරේරා මහතා වෙසෙන ඉදුරුව ගෝනගල ප්රදේශය අවට කාන්තාවකට කොන්තාත්තුවක් ලබාදී ඇතැයි එම පැමිණිල්ලේ සදහන් බවද පොලීසිය කියයි.
සමන් පෙරේරා ඝාතනය කොන්තාත්තුව ලබා ගත් කාන්තාව ඒ මහතා යනඑන ගමන් බිමන් පිළිබදව සෝදිසියෙන් සිට ඇති බවත් තව ද එම කාන්තාව ඔහු සමග අනියම් ඇසුරක් පවත්වා ඝාතනය කිරීමට උත්සහා දැරූ බවක් ද මේ පැමිණිල්ලේ තිබෙන බව ද පොලීසිය කියයි.
එසේම එම කාන්තාව විසින් කොස්ගොඩ ප්රදේශයේ තරුණයකු ද හවුල් කරගෙන තමා ඝාතනය කිරීමට උත්සහා දරමින් සිටිනා විටදී ඒ සම්බන්ධයෙන් ලැබුණු සිය හිතවතකුගෙන් ලැබුණු රහස් තොරතුරක් මත තමාව ඝාතනය කිරීමේ කුමන්තරණය හරියටම අනාවරණයවූ බවද සමන් පෙරේරා මහතා කරන ලද පැමිණිල්ලේ තිබෙන බවද පොලීසිය කියයි.
ඔහුව ඝාතනය කිරීමේ කොන්තාත්තුව ලබා ගත්තා යයි කියන කාන්තාවගේ ඡායාරූපයක් සහ ඒ හා සම්බන්ධ හඩ පටද සමන් පෙරේරා මහතා ඉදිරිපත් කර ඇති බවද් පොලීසිය කියයි.
මෙය තනිකරම තමා සමග උරණව ඇති සිය පක්ෂයෙන් දේශපාලනයට ආ තමා සමග දැන් හතුරුවී සිටින ස්වාමීන්වහන්ස් නමකගේ වැඩක් වන්නට ඇති බවට සමන් පෙරේරා මහතා සැකකරයි. මේ සම්බන්ධයෙන් ගාල්ල අපරාද කොට්ටාසය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.