අපේ ආණ්ඩුවක් තිබුණනම් ඒ ලැබ්බෝගිනි 14ත් මගේ කියයි
"දැන් බලන්නකෝ, එදා නාමල්ගේ ලැම්බෝගිනි 19ක් බානවා කියලා දැකපු කෙනාගෙම ආණ්ඩුවේ ලැම්බෝගිනි 14 ක් බාලා නේද? හොඳ වෙලාවට අපේ ආණ්ඩුවක් නැත්තෙ නත්තම් ඒවත් මගෙ කියයි.මං නම් බොරු කියන්නේ නෑ එයා වගේ. එයා එදා කිව්වා ඒක මගේ කියලා. මම නම් කියනවා එයාගේ නෙවෙයි. මැදපෙරදිග අර්බුදයත් එක්ක අපේ වරායවල්, ගුවන් තොටුපළවල් වලට නව වෙළඳපොලක් හැදෙනවා. ඒ හින්දා තමයි ඒ ලැම්බෝගිනි ටික ලංකාව හරහා යන්නේ. අලුත් වෙළඳපොලක් හැදිලා තියෙනවා. ඒ වෙළඳපොල උපරිම පාවිච්චි කරන්න ජනාධිපතිතුමාට මං කියන්නේ" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ කොලඹදී පැවති ජන හමුවකදීය.
"එක වෙලාවක ආණ්ඩුව කියනවා අපි IMF එකත් එක්ක සාකච්ඡා කරලා ජනතාවට සහනයක් දෙන්න පුළුවන් විදියට හදනවා කියලා. හැබැයි අද වෙනකොට අපි දකින්නේ IMF එකත් එක්ක තියා අඩුම ගානේ මේ රටේ නීතිඥ සංගමය එක්කවත්, අඩුම ගානේ ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන්ටවත් ඇහුම්කන් දෙන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ නෑ.
පසුගිය දිනවල අවස්ථා දෙකක් මහා නායක හාමුදුරුවන්ගේ ඉල්ලීම් පැහැර හැරියා. එක වෙලාවක මහජන අනුදැනුමකින් තොරව පත්වීම් කරනකොට ඇහුම්කන් දීලා කරුණු දක්වනවා නම් වෙනම කාරණයක්. ඊට පසු වර්තමානයේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ හැම කාරණයකදීම ආණ්ඩුව මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම් නොසලකා හැර කටයුතු කරනවා.
අද වෙනකොට කර්මාන්තශාලා කීයක් වැහිලා තියෙනවාද? ආයතන කීයක් හරවලා ගිහිල්ලා යවලා තියෙනවාද? ආයෝජකයෙක් ලංකාවට එන්නේ නෑ. ආණ්ඩුවේ බදු ප්රතිපත්තියත් එක්ක ආයෝජනය කරන්නට වඩා ලාභයි වෙන රටක ආයෝජනය කරන එක. ලංකාවේ තියෙන කර්මාන්තශාලා ටික වැහෙනවා දිනෙන් දින. රැකියා අහිමි වෙනවා. උපාධිධාරීන්ට රැකියා නෑ, ගමේ තරුණයන්ට රක්ෂාව නෑ. අඩුම ගානේ, ගමේ දරුවාට, රජයේ රක්ෂාවක් දෙන්න බැරි නම් පෞද්ගලික අංශයේ හෝ ආදායමක් ගන්න පුළුවන් රැකියාවක් හරියාකාරව ලැබෙන විදියට ආයෝජකයෝ ගේන එක ආණ්ඩුවේ වගකීමක්.
ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. ආණ්ඩුවේ න්‍යාය රටේ දරුවාගේ තරුණයාගේ විරැකියා ප්‍රශ්නයට උත්තරයක් හොයන එක. ආණ්ඩුව ඒ ගැන උනන්දුවක් දක්වන්නෙත් නෑ, මහන්සියක් දක්වන්නෙත් නෑ. ව්‍යවසායකයෝ අසරණ වෙලා. කුඩා ව්‍යාපාරිකයෝ අසරණ වෙලා. මේ තියෙන පොලී අනුපාතයන්, මේ තියෙන බැංකු පොලී අනුපාතයන්, රජයේ බදු ප්රතිපත්තියත් එක්ක කුඩා ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආදායම ලබාගන්න බැරි වෙනවා.අද මහා සංඝරත්නයට අපහාස කරනවා. අපේ නායක හාමුදුරුවෝ රටේ ආගම දහම සංස්කෘතියට හානිය ගැන කතා කරාම ආණ්ඩුව හිතාමතාම උන්වහන්සේලාට පහර දෙනවා.
වෛරයෙන්, ඊරිසියාවෙන්, කුහකකමෙන්, ක්‍රෝධයෙන්, එකිනෙකා කොටවලා, එකිනෙකා කොටවලා, සමාජයේ භේදබින්න කරලා, චරිත ඝාතනය කරලා, ඒ ඒ දේශපාලන සංස්කෘතිය ගැලපෙන්නේ නෑ අදට. ඒ දේශපාලන සංස්කෘතිය ඉවරයි. ඒවා 88, 89 න් වලදාලා ගියා. ආණ්ඩුව හිතනවා නම් තවදුරටත් චරිත ඝාතනය කරලා, මිනිස්සු බය කරලා, බැනලා, වෛරය පතුරවලා, බොරු කියලා, බොරු කියලා තමන්ගේ දේශපාලන න්යායපත්රය අරගෙන යන්න පුළුවන් කියලා ආණ්ඩුවට වැරදිලා.
දැන් බලන්නකෝ, එදා නාමල් කොළුවාගේ ලැම්බෝගිනි 18 ක් බානවා කියලා දැකපු කෙනාගෙම ආණ්ඩුවේ ලැම්බෝගිනි 14 ක් බාලා නේද? ඒකත් මගේද දන්නේ නෑ. හොඳ වෙලාවට අපේ ආණ්ඩුවක් නැත්තෙ.නැත්තම් ඒකත් මගෙ කියයි.මං නම් බොරු කියන්නේ නෑ එයා වගේ. එයා එදා කිව්වා ඒක මගේ කියලා. මම නම් කියනවා එයාගේ නෙවෙයි. හැබැයි එයාට පුළුවන් නම් මං ඉල්ලීමක් කරනවා, එයාට පුළුවන් නම් අපේ හාමුදුරුවනේ, ඒ මැදපෙරදිග අර්බුදයත් එක්ක අපේ වරායවල්, ගුවන් තොටුපළවල් වලට නව වෙළඳපොලක් හැදෙනවා. ඒ හින්දා තමයි ඒ ලැම්බෝගිනි ටික ලංකාව හරහා යන්නේ. අලුත් වෙළඳපොලක් හැදිලා තියෙනවා. ඒ වෙළඳපොල උපරිම පාවිච්චි කරන්න ජනාධිපතිතුමාට මං කියන්නේ.
ඒ වෙළඳපොලේ ලංකාවට පුළුවන් තරම් ප්‍රතිඅපනයනය කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරලා දෙන්න. රජයේ ප්‍රතිපත්ති ලිහිල් කරන්න ප්‍රතිඅපනයනයට. උපරිම සහයෝගය දෙන සමාගම් වලට එන්න කියලා, මැදපෙරදිගින් බිඳෙන ඈත් වෙන වෙළඳපොල අපිට ගේන්න. අපි අනුර කුමාර මහත්තයාගේ ලැම්බෝගිනි 14 ක් බාලා ඔන්න බලන්නකෝ මේ කොළුවා ලැම්බෝගිනි පදිනවා කියලා කියන්නේ නෑ. ඒ පටු දේශපාලනය අපි ගාව නෑ. එයා එදා එහෙම කිව්වත් මම කියන්නේ නෑ.
හැබැයි අපි ජනාධිපතිතුමාට කියන්නේ මේක පාවිච්චි කරන්න, මේ වෙළඳපොල. අලුත් වෙළඳපොලක් ලංකාවට ඇතිවෙනවා. මේකෙන් අලුත් රැකියා උත්පාදනයක් වෙනවා තරුණ පරම්පරාවට. ඒ විවෘත මානසිකත්වයෙන් මේක දිහා බලන්න. ඒ සඳහා සූදානම් වෙන්න. ඒ වගේම කුඩා තේ වතු හිමියා, දෛනික ආදායම් උත්පාදනය කරන අය, දළු කඩන අය, වගා කරන අයගේ ආදායම ශක්තිමත් කරන්න අලුත් වෙළඳපොලක් හොයාගන්න. ඒකට මේ භාණ්ඩ ටික යවන්න. අසීමිත බදු ගන්න එපා මේ මිනිස්සුන්ගෙන්. රාජ්‍ය ආදායම වැඩි කරගන්න අවශ්‍ය වෙළඳපොල නිර්මාණය කරගන්න, තියෙන වෙළඳපොලේ ඉන්න මේ රටේ ඉන්න මිනිස්සුන්ට අසීමිත බදු ගහන්නේ නැතුව. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති අපි හදමු.
ඒක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි ජේ.වී.පී. එකයි අතර වෙනස. අපි නූතනත්වය, නවීකරණය හැම අභියෝගයක්ම හැම අවස්ථාවක්ම අපේ රටට වාසිදායක ලෙස පරිවර්තනය කරන්න පුළුවන් නවීන දැක්මක් එක්ක දේශපාලනය කරන බලවේගයක්. අන්න ඒ සඳහා ඔබ තමුන්නාන්සේලා ඒකරාශී වෙන්න, අත්වැල් බැඳගන්න කියන ආරාධනය කරමින්, ඔබට සිරුරුත සුබ අනාගතයක් පතමින්, තෙරුවන් සරණ පතමින් මම නතර වෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

