සිර දඩුවම් නියම වූ සැකකරුවෙක් ජනාධිපති සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ චෝදනාවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ. සැකකරු අවුරුදු 52ක් වන කලුතර පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (09දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.