අපිත් ඔහොම කළා පස්සේ තමයි තේරුණේ
"දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු, ගරු මහා නායක හාමුදුරුවනුත් හොරුද මේ ආණ්ඩුව කියන විදියට?" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ
ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
"හැමෝම කතා කරනවා 22 ගැන. දැන් මේ දවස්වල පාර්ලිමේන්තුවේ පිටත ආණ්ඩු පක්ෂයේ අය තමන්ගේ කාලයේ සියලුම දේ වැය කරලා මේ 22 ආරක්ෂා කරන්න කටයුතු කරනවා. අපිත් ඔහොම කරා ඒ කාලේ සමහර ඒවට. හැබැයි පහුකාලීනව තමයි ඒවයේ යථාර්ථය අපිට තේරෙන්න පටන් ගත්තේ. ඉතින් හැබැයි අද අඩු ගානෙන් අපෙන්වත් පාඩම් ඉගෙන ගන්නේ නැතුව, ඔබතුමන්ලා ඒ ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව ඔබ ඉදිරියේදී තේරුම් ගනී.
ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව සියලු පාර්ශ්වයන්ට විරුද්ධව ගිහිල්ලා හරි කටයුතු කරනවා. දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු.
ගරු මහා නායක හාමුදුරුවනුත් හොරුද මේ ආණ්ඩුව කියන විදියට? මේ රටේ නීතිඥ සංගමයත් හොරුද? එතකොට UN එක? එතකොට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඒත් හොරුද? එතකොට ආසියාතික නීතිඥ සංගමය ඒක ඉන්නෙත් හොරුද? දැන් ඔබතුමාලාගේ පක්ෂයේ, JVP එකේ නීතිඥ සංගමය නියෝජනය කරන අය ජනාධිපතිතුමා එක්ක නීතිඥ සංගමය එක්ක සාකච්ඡාවට ගියේ නැද්ද? ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වේ නැද්ද මේක කරන්න එපා කියලා? එතකොට ඒ අයත් හොරුද?
මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ගරු මහා නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමක් හේතු නොදක්වා ප්‍රතික්ෂේප කරනවා. හේතුවක් දක්වනවා නම් ඒක අපිට බලන්න පුළුවන්.
අද මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔබතුමන්ලාගේ වරෙන්තු තියෙන කී දෙනෙක් ඉන්නවාද? ඒ අය වරෙන්තු ආවාම උසාවි යන්නෙත් නෑ. සමහර විනිශ්චයකාරවරු මාරු කරනවා. බීලා හැප්පුනාම 25000 දඩය 2,500ට අඩු කරගන්නවා. මේ ඔබතුමාලාගේ ආණ්ඩුවේ අය.
ඒවා ආරක්ෂා කරන්නද මේ කරන්නේ? කන්ටේනර් 323ක් පැන්නුවා වරායෙන්! දැන් මේ නඩු අහනවා ඉස්සරහට. ඒ නඩු අහනකොට ඒවට අවශ්‍ය බලපෑම කරන්නද ඔබතුමන්ලා මේ ලෑස්ති වෙන්නේ කියන ප්රශ්නය අපි අහනවා.
අර මුදල් අමාත්‍යාංශයේ වැරදි ගිණුමකට ඩොලර් මිලියන 2.5ක් මාරු කරා. ඒකේ ප්‍රධාන සාක්ෂිකාරයා, පැමිණිලිකාරයා බලනහරය, අතපය කැපිලා මැරිලා. මරාගත්තද, මැරුවද, සියදිවි නසාගත්තද කියන එක ප්‍රශ්නයක්.
ගල්අඟුරු වංචාවේ නඩුව එනවා. ඒවා ආරක්ෂා කරන්න තමයි ඔබතුමන්ලා අධිකරණයට බලපෑම් කරන්නත් උත්සාහ කරන්නේ. මේ වෙන මොකටවත් නෙවෙයි. ආ තැපැල් එකේ වැරදි ගිණුමකට සල්ලි දැම්මා.
කවුරු කවුරු ඔබතුමන්ලා වයස දීර්ඝ කරලා මේකේ තියාගත්තත් ඡන්ද තියන්න වෙනවා! ඒ කවුරු තියාගත්තත් ඡන්ද තියන්නත් වෙනවා, මේ නඩු අහන්නත් වෙනවා.
මම ගියාට පස්සේ මාව හොයන්න එපා කියන්න. මම ඉන්න වෙලාවක තියෙන ප්‍රශ්නයක් මගේ මූණට මූණ අහන්න කියන්න. උදේ ඉඳන් හවස වෙනකම් මාව හොයනවා. ඉන්න වෙලාවේ බුදියගෙන ඉන්නවා. ඉඳලා ගියාට පස්සේ 'කෝ නාමල්? කොහෙද යන්නේ?'
කොහෙවත් නෑ මේ ඉන්නවා! තියෙන ප්‍රශ්නයක් දැන් අහන්න කියන්න. මගේ කාලෙත් ඕනම් දෙන්නම්. හැබැයි ගියාට පස්සේ 'අන්න හොයනවා, කෝ දැන් කෝ' කියලා මුලු දවසම මේ මාව හොයන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා. තියෙනවා නම් ප්‍රශ්නයක්
දැන් අහන්න මූණට ආත්මශක්තියක් තියෙනවා නම්".
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
