වැව් රක්ෂිත හා වැව් තාවුලුවල කවුරු හෝ ඉන්නවා නම් ඔවුන් අයින් කරන්න පෙර ඉන් ඉවත්ව යන ලෙසත් වැව් රක්ෂිතවල ඉදිකර තිබෙන හෝටල් චන්ද්රසේනගේද,ඩඩ්ලි සිරිසේනගේද යන්න තමන්ට එය අදාල නොවන බව කෘෂිකර්ම,වාරිමාර්ග,ඉඩම් හා පසු සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා තඹුත්තේගමදී පැවසීය.
පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ඉන්ද්‍රානන්ද සිල්වා මහතා මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පොළොන්නරුවේ වැව් රක්ෂිතයේ ඩඩ්ලි සිරිසේන මහතාගේ හෝටලයක් ඉදිකර තිබෙන බවත් එය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙසේද පැවසීය.
සමහරු අහනවා පොළොන්නරුවේ වැව් රක්ෂිතයක තියනවලු ඩඩ්ලිගේ හෝටලයක්, ඒක රක්ෂිතවල තියෙන හෝටල් ,ගොඩනැගිලි ,ඉවත් කිරීමේ ලැයිස්තුවට මේ වතාවෙ දාලා නෑලු කියලා.ඉතින් ඕන කෙනෙක් ඕන දෙයක් කියා ගත්තාවේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අපි තෝරා ගත්ත ක්‍රමවේදයක් තියෙනවා, මේ වසරේ ලැබුණු මුදල් ප්‍රමාණයට අදාලව.අපි අදියරෙන් අදියරට මේ වැඩසටහන ඉදිරියට අරගෙන යනවා.මේ වසරේ ලංකාව පුරා තියෙන වැව් රක්ෂිතවල ඉදිකිරීම් ඔක්කොම ඉවත් වෙන්නේ නැහැ.මොකද රක්ෂිත මායිම් කරන්න,ඒ වැඩේට මේ වසරේ තියෙන්නේ මිලියන සීයක මුදලක්.ඒ මිලියන සීයෙන් ඔක්කොම කරන්න බැහැ.
අපිට ඩඩ්ලි සිරිසේනද ,වෙන එකෙක්ද කියලා කවුරුවත් ලොකු නැහැ.හැබැයි අපිට ඩඩ්ලි සිරිසේන වී මිලද ගැනීමේ ක්ෂේත්රයේදී වටිනා මිනිහෙක්.මිනිස්සු ඩඩ්ලි සිරිසේනට අපහාසකලාට,බැන්නට ඒ මනුස්සයා නැතිනම් අපට තාම බත් කන්නකොට ගල් හැපෙනවා.අපි පොඩි කාලෙ බත් කනකොට ගල් හැපුනා දත් කැඩිලා ගියා,දත් හිරි වැටෙනවා.දැන් අපි හාල් ගරන්නැතුව බත් උයනවා.
ලංකාවේ මිනිසුන්ට හාල් ගරන් නැතුව,වැලි කැටයක් හැපෙන්නැතුව හාල් ටික වෙළඳපොලට දුන්න මනුෂ්‍යයා තමයි ඩඩ්ලි සිරිසේන, ඔහු වටිනා මිනිහෙක්.හැබැයි අපිට එයා එක්ක ප්‍රශ්නයක් තියෙනවා.මොකක්ද ප්රශ්නය ,ගොවි ජනතාවගේ වී මිලදී ගන්න විට ඇතැම් අවස්ථාවලදී ගොවියාට සාධාරණ මිලක් ලබාදීලා නෑ.ඒක බේරගන්න ඕනේ. බේරගෙනත් තියෙනවා.අපි කිව්වා වී කිලෝවක් රුපියල් 120ට මිලදී ගන්නවා කියලා.ඩඩ්ලි සිරිසේනලා එකසිය තිහට,එකසිය හතලියට වී කිලෝවක් මිලදී ගත්තා. ඉතින් ඒක අපිටත් හොඳයි,ගොවියාටත් හොඳයි.
ඊළඟට අපිට ප්‍රශ්නයක් තියෙනවා වී ටික මිලදීගෙන හාල් විකුණන විට පාරිභෝගිකයා ගසා කනවද කියලා ඒ ටික විතරයි අපිට ඩඩ්ලි සිරිසේන එක්ක බේරගන්න තියෙන්නේ.නැතිනම් ඒ මනුස්සයා මේ රටට සැලකිය යුතු ජාතික වගකීමක් ඉෂ්ට කරපු මනුස්සයෙක්.ඒ ගෞරවය අපි ඒ පුද්ගලයාට දෙන්න ඕනේ.ඕන් නැති කෑල්ලක් තියෙනවා නම් ඒ කෑල්ලත් අයින් කරන්නත් ඕනේ.මේ සමාජයේ කලුම මිනිස්සුත් නෑ,සුදුම මිනිසුත් නෑ. හොඳම මිනිස්සුත් නෑ නරකම මිනිස්සුත් නෑ. මිනිසුන්ගේ කළු ටික ගැනත් කතා කරනවා වගේම සුදු ටිකෙන් ප්‍රයෝජන ගන්නත් ඕනේ යැයි ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
තඹුත්තේගම සමන් දිසානායක