විසිවැනි සංශෝධනය ගෙන ඒමෙන් පසුව වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනපති කී දෙය විශ්වාස කළත් එය ඉටු නොවුණ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
‘Truth with Chamuditha’ යූ ටියුබ් නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ජනාධිපතිතුමා ඒ වන වට නමක් දිනාගෙන තිබුණා අවංක, කියන දේ කරන නායකයෙක් කියලා. කිව් කේ කියලනේ කිව්වේ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාලයේ කිව්වනම් කෙරුවා. බැරිනම් බෑ කිව්වා. එහෙම චරිතයක්නේ.
ඒ මත අපි විශ්වාසය තැබුවා. එතුමා කිව්වා වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අපි රැවටුනා කියලා අදටත් අපි කම්පා වෙනවා කනගාටු වෙනවා.”
Q ජාතියෙන් සමාව ගන්න උදය ගම්මන්පිල මහත්තයා?
A අනිවාර්යයෙන්ම ඔව්.
Q ඔබ ඇතුළු කණ්ඩායම අත ඉස්සුවේ නැත්නම් විස්සක් නෑ? විස්ස නැත්නම් බැසිල් පාර්ලිමේන්තුවේ නෑ?
A ඔහු පාර්ලිමේන්තුව පැමිණීම නෙමෙයි ප්රශ්නය. ඔහු බලවත් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පක්ෂයේ නායකයා වීම නිසයි.
Q බැසිල්ගේ උවමනාව ඊළඟ ජනදයේදී ගෝඨාව ගෙනල්ලා ගෝඨාව රටින් එලවලා?
A ඊළඟ ඡන්දයේදී නෙමෙයි. සිතාමතා රට වැට්ටවීමේ එක අතුරු ඵලයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එපා කර ජනපතිධුරය හිස් කර ගැනීම.
ඊළඟ ඡන්දය ගැන හිතන්න දෙයක් නෑ. මේ යන විට රටක් ඉතුරුවෙයිද දන්නේ නෑ. දේශපාලන වශයෙන් ගෝඨාභය ඝාතනය කරමින් පවතිනවා.
Q බැසිල්?
A අනිවාර්යයෙන්ම ඔව්.
සම්පූර්ණ සාකච්ඡාව - https://www.youtube.com/watch?v=5cRbvtyRnjs