කෝවිඩ් නිසා රටට අහිමි වූ සියලු දේ නැවත දිනා ගැනීම සඳහා ආණ්ඩුව දෙගුණයක වේගයකින් වැඩකරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ රටතුළ පවතින අර්බුද රැසකට විසඳුම් ලැබීම ස්ථිර බවයි.
ඔහු මේ බව පවසා සිටියේ මීරිගමප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝවිඩ් ආසාදිතව මියගිය අඩු ආදායම්ලාභී පුද්ගලයන් 50දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් 25,000 බැගින් වන ආධාර ප්රදානය කිරීම සඳහා උඩුගම්පොළ රෙජී රණතුංග ශ්රවණාගාරයේපැවැති වැඩසටහනකදීය.
මෙම ආධාර ප්රදානය සිදු කෙරුණේ රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මගිනි. මීට පෙරද දොම්පේ මැතිවරණ බල ප්‍රදේශයේ කෝවිඩ් වසංගතය හේතුවෙන් මියගිය අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ පවුල් 50කට මෙම ආධාරය ලබා දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූරණතුංග මහතා,
"මුළු ලෝකයකම කෝවිඩ් වසංගතය නිසා දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙනවා. කෝවිඩ්වලට මුහුණ දෙමින් ලෝකය නව සාමාන්‍යකරණයකට ලක්වෙමින් තිබෙන කාලයක් මේක.
මේ තත්ත්වය අපේ රටටත් දරුණු ලෙස බලපාලා තිබෙනවා. පහුගිය වසර දෙකක කාලය තුළ කෝවිඩ් නිසා රටට බොහෝ ජයග්‍රහණ මග හැරුණා. ඒ ජයග්‍රහණ යළි අත්පත් කර ගැනීම සඳහා අපි රටක් ලෙස දෙගුණයක වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුව මේ අභියෝගය ජයග්‍රහණය කරන්න දිවා රෑ නොබලා උපරිමයෙන් කටයුතු කරද්දි අපේ රටේ විපක්ෂය කරන්නේ මොකක්ද? ආණ්ඩුවේ කකුලෙන් අදිනවා.
අපි මේ රට යළි ගොඩනගනවාමයි. රටේ ජනතාව කෝවිඩ්වලින් මියයද්දි කෝවිඩ් එන්නත ගෙනවිත් මරණ සංඛ්‍යාව අඩු කරගන්න හැකියාව ලැබුණා. කෝවිඩ් වසංගතය නිසා විනාශ වුණ බොහෝ කර්මාන්ත දැන් යළි ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්රයද මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. තෙල්, විදුලිබල, ප්‍රවාහනය වගේ ක්ෂේත්රවල දැන් තිබෙන අර්බුදත් අපි කළමණාකරණය කර ගනිමින් තිබෙනවා. ඉදිරි මාස දෙක තුන තුළ මේ අර්බුද සියල්ල විසදෙනු ඇතැයි අපි තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා. ඇත්තටම අපි ඒ සඳහා උපරිම ලෙස කටයුතු කරනවා. විපක්ෂය මොන අවලාද නැගුවත් ආණ්ඩුව උපරිම ශක්තිය යොදවා තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදා ගන්නයි" යනුවෙන් ප්‍රකාශ කළේය.