ශ්‍රී ලංකාව දරුණුතම මූල්‍ය ව්‍යසනයට මුහුණ දී ඇති බවත් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ඳසහා වූ සාකච්ඡා අවසන් කිරීමත් සමඟ නව මාවතක් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
වෝල් ස්ට්‍රීට් ජර්නලය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, “මම හිතන්නේ අපි දැනටමත් පහළටම ඇවිත් ඉවරයි. “උමග කෙළවරේ ආලෝකය මට පේනවා. නමුත් එය රදා පවතින්නේ අපිට කෙතරම් වේගයෙන් එයට ළඟා වෙනවා විය හැකිද යන්න මතයි" යනුවෙනි.
උද්ධමනය සහ පෙට්‍රල් සහ ඉවුම් පිහුම් ඉන්ධන සඳහා දිගු පෝලිම්වලට මුහුණ දී සිටින බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය කැපී පෙනෙන ලෙස ඉහළ යාමට පටන් ගැනීමට මාස ගණනක් ගත වන බව ඔහු අමතරව පිළිගත්තේය.
IMF කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අගෝස්තු අග වන විට එළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණයකරුවන් සමඟ අතිරේක සාකච්ඡා කිරීමට හැකිවෙනු ඇති බවත් ඕනෑම මූලික සමථයකට මුදල් ලබා දීම සඳහා IMF මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බවත් ඔහු පැවැසිය.
ඒ සඳහා මාස කිහිපයක් ගතවනු ඇති බවත් අස්ථාවර දේශපාලන තත්ත්වය නොවන්නට අයි.එම්.එෆ්. එකඟතාව ජුලි මාසයේදී ලබා ගැනීමට හැකියාව තිබුණ බවද ඔහු සඳහන් කළේය.
