අපි ගමට බැස්සම ජනපතිටත් ගමට බහින්න වෙලා
"අද අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා ඔන්න දැන් ජනාධිපතිවරයාත් රැස්වීම් තියෙනවා. ජනාධිපතිතුමාව කොලඹ හතේ ඒසී කාමරයේ ඉඳලා මහපාරට බස්සලා ජනතාව අතරට යවා අපට හැකිවෙලා තියෙනවා" යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
අනවශ්‍ය දේවල් සියල්ලම ආණ්ඩුව හරියට කරනවා! හොරකම් ටිකත් හරියට කරනවා. හැබැයි රටේ ජනතාවට තමන්ගේම ප්‍රතිපත්ති ප්රකාශනයේ දීපු ඒවා හරියට කරගන්න බැරි එක තමයි ප්‍රශ්නයකට තියෙන්නේ.ඉතින් හොරකම් ටිකයි, වංචා ටිකයි, හැක් කරලා දාලා පන්නන ඒවායි, කන්ටේනර් පන්නන ඒවායි, බාල ගල්අඟුරුයි ආණ්ඩුව හරියටම කරනවා.
මට වගකීමක් තියෙනවා මේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගන්නත්, ගමේ දේශපාලනය කරන්නත්, මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක බැඳිච්ච ගමේ පාක්ෂිකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒකට නායකත්වය දෙන්න මට වගකීමක් තියෙනවා.
වැඩේ වෙන පැත්තකින් වෙනවාද, මගේ පැත්තෙන් වෙනවාද කියන කාරණය කෙසේ වෙතත්, අද අපි ගමට බැස්සාම ජනාධිපතිවරයාටත් ගමට බහින්න සිද්ධ වෙලා තියෙනවා. ඔන්න දැන් ජනාධිපතිතුමාත් රැස්වීම් තියෙනවා.
ඉතින් ජනාධිපතිවරයාව කොළඹ 7 AC කාමරේ ඉඳලා මහ පාරට බස්සලා ජනතාව අතරට යවන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒක තමයි අපි විපක්ෂයක් විදියට ලබපු පළවෙනි ජයග්‍රහණය.
ඉතින් ඒ හින්දා ජනාධිපතිවරයා ඒ රැස්වීම් මාලාව යනවා වගේම, තමන්ගේ කතාව කියලා අර නීතිඥ සංගමයට කරා වගේ තමන්ගේ කතාව කියලා ගෙදර යන්නේ නැතුව ජනාධිපතිතුමා, ජනතාවගේ ගැටලුත් අහලා ඒවට විසඳුම් ලබාදෙන්න කටයුතු කරන්න ඕනේ. අපි ඒ තැනටත් ජනාධිපතිතුමාව තල්ලු කරනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
