ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදයෙන් ක්‍රමයෙන් ගොඩ එමින් පවතින බවත් ඒ අනුව පොලි අනුපාත පහළ යාම ඉදිරියේදීත් සිදුවෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
මහ බැංකුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට තවත් මාස දෙක තුනකින් ලැබෙනු ඇති බවත් නව විනිමය අනුපාත අනුව ආනයනය කරන දෑ රට තුළට ඒමට මාස දෙක තුනක කාලයක් ගත වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
එසේම පොලී අනුපාත අඩුවීමේ වාසිය ඉතා ඉක්මනින් ජනතාවට ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.