නේපාලයේ විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම මෙන්ම මාර්ග සංවර්ධනය කිරීමට අදාළව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ MCC ගිවිසුමට අත්සන් තැබිමට නේපාල පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.
මේ පිළිබඳව පැවැති ඡන්ද විමසීමේදී පාලක පක්ෂය බහුතරයකින් ජයගත් බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.
ගිවිසුමට අත්සන් කිරීම වසරකට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබුණි. ඒ විපක්ෂය ඒ සඳහා විරෝධයක් එල්ල කිරීම හේතුවෙනි.
ගිවිසුම අත්සන් කිරීම සඳහා නේපාලයට ලබාදී තිබූ කාලය අද (28දා) අවසන් වීමට නියමිතව තිබුණි.
එම්.සී.සී. ගිවිසුම හරහා නේපාලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක (රුපියල් බිලියන 100කට අධික මුදලක්) ප්‍රදානයක් ලැබීමට නියමිතව තිබේ.