අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය තුළ දිවයින පුරා මාර්ග අනතුරු 42ක් වාර්තා වී පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේය.
ඒසේම අප්‍රේල් 13, 14 සහ 15 යන දිනවල පමණක් අනතුරු 19ක් වාර්තා වී ඇති අතර, එම අනතුරු වලින් 19දෙනෙකු මියගොස් ඇති බවද ඔහු පැවැසීය. එමෙන්ම 2025 වසරේ අවුරුදු දින තුන තුළ අනතුරු 25ක් සහ මරණ 26ක් වාර්තා වූ අතර, මේ වසරේ එම සංඛ්‍යාව 19 දක්වා පහළ බැස ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
අනතුරු සඳහා ප්‍රධාන හේතුව ලෙස බීමත්ව රිය පැදවීම හඳුනාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.