සංවිධානාත්මක අපරාධ සිදුකරන හා මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධ ව සිට මෙරටින් පලාගොස් සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
ජත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගෙන මෙම පිරිස් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු කරන බවත් ඊයේ (15දා) උදෑසන මෙරටට රැගෙන ආ කුඩු සලිදු නැමැත්තාගේ ගෝලයෙකු ලෙස සැලකෙන පියුම් හස්තික නොහොත් "පියුමා" නොමැත්තා රෙඳවා තබගෙන ප්‍රකාශ සටහන්කරගෙන මත්ද්‍රව්‍ය ජවාරම් හා සංවිධානාත්මක අපරාධ පිළිබඳවද තොරුතුරු හෙළි කරගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.
ඊයේ (15දා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මේ බව සඳහන් කළ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට සිදු කළ සැලසුම්වලට සහාය ලබාදුන් බවට චෝදනා එල්ල වී දැනට මෙරටින් පලාගොස් තිබෙන පොලිස් නිලධාරියා ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් මේ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා බවත්ය