අපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අනුමැතිය ලබා ගැනිමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
අපරාධ නඩු විධි විධාන සංග්‍රහ (සංශෝධන) සහ 2013 අංක 02 දරන පනතට අනුව අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයෙකු රඳවා තබා ගැනීමේ කාලය පැය 24ක් වුවත් පැය 48ක් දක්වා රඳවා තබා ගැනීමට මෙම පනත මගින් විධි විධාන සලස්වා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි .
එම පනතේ දක්වා ඇති ආකාරයට බරපතළ අපරාධ ගණයට වැටෙන වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් විට වැඩිදුර විමර්ශන කටයුතු අවසන් වන තෙක් පැය 48ක් දක්වා අත්අඩංගුවේ තබා ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ නිලයට අඩු නොවන නිලධාරියෙකු විසින් මහේස්ත්‍රාත්වරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙලෙස කාලය දිගු කර ගත හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේ පැය 48ක් දක්වා රඳවා තබා ගැනීමේ කාලසීමාව වසර දෙකක් දක්වා බල පැවැත්වෙන අතර එම වසර දෙක අවසන් වීමට පෙර තවදුරටත් පනතේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වන්නේ නම් අධිකරණ අමාත්‍යවරයා විසින් පනතේ කාල සීමාව අවසන් වීමට මාසයකට පෙර ගැසට් පත්‍රයේ කරනු ලබන නියෝගයක් අනුව කාල සීමාව දීර්ඝ කර ගත යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.
කෂිනි හපුආරච්චි