අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ චින්තක බටපොල මහතා ඉවත් කරන ලෙසට බල කරමින් අද (18) මධ්‍යහ්න 12 සිට අනුරාධපුර ශික්ෂණ රොහලේ සමස්ත කාර්ය මණ්ඩලය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කල බව සමස්ත ලංකා නිදහස් සෞඛ්‍ය සේවකයන් ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති සරත් සෙනවිරත්න මහතා පැවසීය.
මෙම විරෝධයට සහය දක්වමින් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් කිපදෙනකු රෝහලේ උස් ගොඩනැගිල්ලක් මත නැගි විරොධතා ආරම්භ කල අතර මෙම අධ්යක්ෂවරයා ඉවත් කරන තුරු තමන් මෙම ගොඩනැගිල්ලෙන් බිමට නොබසින බව එම සේවකයන් පැවසීය .
දහවල් ආරම්භ කල මෙම වැඩ වර්ජනය සදහා වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කර්ය මණ්ඩලයම එක් වි සිටිම නිසා ප්‍රතිකාර සදහා පැමිණි රොගින් මහත් අසරණභාවයට පත්ව සිටියේය .
මෙම අඛණ්ඩ වැඩ වර්ජනය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසීය .
මෙම රෝහලේ සිටින නියෝජ්‍ය අධ්යක්ෂ චින්තක බටපොල මහතාගේ දැඩි පාලනයට එරෙහිව අපි මිට පෙර අවස්ථා ගණනාවක් උද්ඝෝෂණ කලා. මේ පිළිබඳව සෞඛ්‍ය ඇමතිනියට හා ලේකම්වරයාට දැනුම් දුන්නා . ඉන්පසු සති තුනක පමණ කාලයක් ඔහු සේවයට වාර්තා නොකළ අතර මෙම අධ්යක්ෂ වරයා අද (18) උදැසන රෝහලට පැමිණ අධ්යක්ෂ පුටුවේ වාඩිවි සෙවකයන්ට තර්ජනය කරමින් රාජකාරි කටයුතු ආරම්භ කලා.
මේ තත්ත්වය හමුවේ මොහු මෙම රෝහලේ සිටිනතාක් සියලු සේවකයන් වැඩ වර්ජනයක් කිරිම ආරම්භ කලා.
මේ සදහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලු,වෛද්‍යවරුන් හෙද නිලධාරීන් , කනිෂ්ඨ සේවකයන් හා ලිපිකරුවන්ද එක්ව සිටිනවා.
අපගේ ඉල්ලීම ඉටුවන තෙක් මෙම වර්ජනය අඛණ්ඩව සිදු කිරිමට සමස්ත කාර්ය මණ්ඩලයම එක්වි සිටිනවා යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .
එප්පාවල - තිසර සමල්