අනුරාධපුර බන්ධනාගාරය තුළ නීතිවිරෝධී ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.
සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පවසන්නේ මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් කඩා වැටීම පිළිඳ නිදසුනක් බවයි.
“අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි. මෙම පිළිකුල් සහගත, නීති විරෝධී ක්‍රියාව අපේ රටේ පවතින අරාජික තත්ත්වය හොඳින් විදහා දක්වයි.
අපේ මාතෘ භූමියේ සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම රජයට පැවරී ඇත. මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව අපේ රටේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි.
මෙම ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.”