ඉදිරියේදි සියලු සංවර්ධන ව්‍යාපෘති වලදි අප අමාත්‍යාංශය හරිත බලශක්ති ප්‍රභවයන් පිළිබඳව අවධානය යොමු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘ලෝකයේ පෙළෙන ප්‍රධාන ප්‍රශ්නයක් වූ බලශක්තියේ ස්වරූපය නිසා මතුව තිබෙන ගෝලීය උණුසුම පිළිබඳ ගැටලුවත්, එයට විසඳුමක් ලෙස හරිත නගර සංකල්පයක් ඉදිකරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කෙරෙනවා.
අපේ කොළඹ හරිත පුරවරයක් ලෙස මහනගරය ගොඩනගා ගැනීම සඳහා ආධාරකයක් හැටියට Green Colombo නමින් අපි අපෙත් අනුග්‍රහයෙන් රටේ අනෙකුත් බල ශක්ති ක්ෂෙත්රයෙත්, ඒ වගේම පෞද්ගලික රජයේ ආයතනවලත් අනුග්‍රහයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ 2019 වසරේ සැප්තැම්බර් 29 ත් ඔක්තොම්බර් 04 ත් අතර ලෝකයේ බලශක්ති 19 වෙනි සමුළුව කොළඹ පැවැත්වීමට.
අපේ අමාත්‍යාංශයේ සියළුම කටයුතුවලදී, ප්‍රවාහන ප්‍රතිපත්තියේදී, කසළ කළමනාකරණ ප්රතිත්තියේදී, ඒ වගේම ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලදී මේ හැම අවස්ථාවකදීම හරිත බල ශක්ති ප්‍රභව පිළිබඳව අපි අවධානය යොමු කරනවා.
ඒ වගේම ඒක විශේෂයෙන්ම බලශක්තිය ඉතුරු කිරීම ඒ වගේම වායු ගෝලයට අහිතකර බලපෑම් ඇතිවීම වැලැක්වීමට අපි කටයුතු කරනවා.
මේ සඳහා තිබෙන එකම විසඳුම හරිත ප්‍රභව සංවර්ධනයක් අවශ්‍යයි. එය තිරසර විය යුතුයි. එයට අවශ්‍ය බලශක්තිය හරිත බලශක්ති ප්‍රභව වලින් හැකිතාක් දුරට ලබාගත යුතුයි" යන්න ඔහු වැඩිදුරටත් පැවසිය.
කෂිනි හපුආරච්චි