ශ්රී ලංකා ජාතික අනෝජන් සිවරාසා මහතාට ලබාදී තිබූ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට සෞදි ආරාබි ශ්රේෂ්ඨාධිකරණය ගත්තීරණය පිළිගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය එක්ස් ගිණුමෙන් ඔහු පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටි සියලු දෙනාට මෙම තීරණය මහත් අස්වැසිල්ලක් වෙනු ඇතැයිද ජනපතිවරයා පවසයි. එසේම මෙමසහනය ලබා ගැනීම වෙනවෙන් සෞදි අරාබිය දැක්වූ සහායට ස්තූතිය ප්රකාශ කරන බවද ජනපතිවරයා සඳහන් කරයි.
