අනුරාධපුර දක්වා ගමන් ගන්නා සංචාරකයින් හා වන්දනාකරුවන් සඳහා සති අන්තයේ සෙනසුරාදා දිනයේදි අනුරාධපුරයට යාමට හා ඉරිදා දින අනුරාධපුර සිට පැමිණීමට විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක්කර තිබේ.
සම්පුර්ණයෙන් වයුසමනය කළ මැදිරි 10කින් සමන්විත මෙම දුම්රිය තුළ ඇති ආසන සංඛ්‍යාව 480ක් වන අතර ප්‍රවේශපත්‍ර ගාස්තුව රු 2500කි.
සෙනසුරාදා උදෑසන කොළඹ කොටුවෙන් පෙරවරු 9.20 ගමන් ආරම්භ කරන දුම්රිය රාගම, ගම්පය, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, මහව හන්දිය, අනුරාධපුර නව නගරය, අනුරාධපුර යන දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කරන අතර ඒය පස්වරු 13.42ට අනුරාධපුරට ළගා වීමට නියමිතය.
යළිත් ඉරිදා සවස 5.00ට අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අනුරාධපුර, තඹුත්තේගම, මහව හන්දිය, කුරුණෑගල, පොල්ගහවෙල, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ, රාගම, මරදාන , කොළඹ කොටුව යන දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කරන අතර ඒය රාත්‍රී 21.14ට කොළඹ කොටුවට ළගාවීමට නියමිතය.