ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාද්‍ය හරහා පිම්බීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ රුපියල් කෝටි පහක් වියදම් කර ඇති බවට ව්‍යාජ පුවතක් වෙබ් අඩවියක පළකර ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
තම පක්ෂයේ බවට හැඟෙන ආකාරයට සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රා හා පක්ෂයේ නායකයන්ගේ ව්‍යාජ අත්සන් යොදා ගනිමින් මෙම පුවත සකස්කර තිබෙන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකස් විජිත හේරත් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
අදළා පුවත්පතේ සඳහන් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතන සමග කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවත් මෙම ක්‍රියාව පක්ෂයට අවලාද නැගීම සඳහා සකස් කළ එකක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මේ නිසා මෙම ව්‍යාජ පුවත හා ඊට පදනම් කර ගත් කූට ලේඛණ පිළබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
