රාජපක්ෂ පවුලේ හා දූෂිත මැති ඇමතිවරුන් සම්බන්ධ දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් වන තොරතුර එළියට දමන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර සඳහන් කළේය.
ඒ අනුව එම ෆයිල් එළියට දමන දිනය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.
තම සමාජ මාධ්‍ය හරහා අද දිනයේදී ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව මැයි 03 දා උදෑසන 10ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකරන බවයි.