තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු අයෙකුගේ මළ සිරුරක් ඊයේ (8) රෑ ඇල්පිටිය ගනේගොඩ,ගොළුවාමුල්ල,ඉඹුලපිටිය පාලු නිවසක තිබී සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
මෙසේ සොයා ගැණුනේ ඇල්පිටිය ,ගනේගොඩ,ගොලුවාමුල්ල,ඉඹුලපිටිය පදිංචි තිස්පස් හැවිරිදි පිටුවල කංකානම්ගේ දොන් දුමින්ද අල්විස් නමැත්තෙක්ගේ බවද පොලීසිය කියයි.
මේ පුද්ගලයා ඝාතනය කළේ යයි කියන සැකකරු ඊයේ(8) රෑ භාරවීමෙන් පසු අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. සැකකරුද ඔහු අතින් ඝාතනයවු පුද්ගලයා පදිංචි ප්රදේශයේම පදිංචි විසිහය හැවිරිදි තරුණයෙක් බවද පොලීසිය කියයි
විවාහකයෙකුවූ ඝාතනයවූ පුද්ගලයාගේ අනියම් සම්බන්ධතාවයක් මේ ඝාතනයට හේතුව බව මූලික විමර්ශණයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
ඝාතනයවූ පුද්ගලයා සහ සැකකරු ඇල්පිටිය ගනේගොඩ,ගොලුවාමුල්ල,ඉඹුලපිටිය එකම ගමේ පදිංචි අසල්වාසීන් දෙදෙනෙකු බවද පොලීසිය කියයි.
මොවුන් දෙදෙනා එම ගමේ පාලු නිවසකට පෙරේදා (7) ගොස් මත් පානය කොට ඇති බවත් පසුව සැකකරු විසින් කුරුඳු කපන කැත්තකින් එකට මත් පැන් පානය කළ අසල්වැසියාට පහරදී ඇති බවත් පොලීසිය කියයි.
සැකකරු ඔහුගේ හිසට එල්ල කරන ලද කැති පහරවල් වලින් බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව ද පොලීසිය කියයි.පසුව ලැබුණු තොරතුරකට අනුව කරන ලද විමර්ශණයකදී ඝාතනයවූ පුද්ගලයාගේ සිරුර ඔහුව ඝාතනයවී තිබුණු පාලු නිවසේදී සොයා ගැණුනු බවද පොලීසිය කියයි.
සැකකරු අද (9) ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. මේ පිළිබඳව ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා