
රටේ පවතින විදේශ සංචිත සහ ආර්ථික ප්‍රශ්නත් සමග ඉදිරියේදී මදක් අසීරු තත්ත්වයකට මුහුණ දීමට මෙරට පුරවැසියන්ට සිදුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මේ බව පැවසීය.
“රටේ තියෙන විදේශ සංචිත වල ප්‍රශ්න ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට ටිකක් අනාගතයේ දී අසීරු තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම විශාල ණය ප්‍රමාණයක් අපිට අනිවාර්යෙන් ගෙවිය යුතු වෙනවා. මොන ආණ්ඩුව ගත්තත් මොන කාලේ ගත්ත ණය නොගෙවා ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට යම් යම් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඉතින් අපිට මේක සාර්ථක කරගන්න නම් මේ වෙලාවේ හැටියට ටිකක් වැස්සොත් අපේ ජලාශ පිරිලා යම් හොඳ තත්ත්වයට එනව. ඒකට ඉතින් කාලගුණ උදව් ලැබුණොත්. එහෙම නැත්තං සංචාරකයින් සංචාරකයින්ගේ පැමිණීම වැඩි වුනොත් අපට යම් වාසියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට විදේශීය රටවල්වලට යන අයගේ මුදල් ටික අපිට ලැබුණොත් යම් ප්‍රගතියක් තියෙනවා. එහෙම නැත්තං අපිට ට අසීරු තත්ත්වයකට තමයි අනාගතයේ දී මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඒක රහසක් නෙවෙයි.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්