අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන රටක් ගොඩනගනවා
භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යෙදවීමට කටයුතු කරණ බවත් අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්විමට එක්වෙමින් සදහන් කළේය
විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්විම පෙරේදා (28) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කිවේය.
2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා එය 40%ක පමණ වැඩිවීමක් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැය කිරීම ජනතාවගේ පාර්ශවයෙන් කිසිසේත්ම සාධාරණ නැහැ., ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, සියයට 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර තිබෙනවා.
ජාත්‍යන්තර් වාර්තා තුළ මේ වන විට ශ්‍රි ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ සමාජ දර්ශක පිළිබද ඇගයීම් යහපත් මට්ටමක පවතිනවා, එක් යුගයක ණය ගෙවා ගත නොහැකි වූ, දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයෙත් කතාබහට ලක් වු අපේ රට අද ප්රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබෙනවා.
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට නිවසේ සිට සිය සේවා ඉටුකරගත හැකි අන්දමින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට, රජය ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා., රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත සහ නිපුණතාවක් ඇති වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමට ද අවධානය යොමුවි තියෙනවා..
රාජ්‍ය අංශය රැකියා පුරවන තැනක් බවට පත් කරමින් රාජ්‍ය දේහය කඩා දැමීම හේතුවෙන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවුනා රැකියා ඇතිවන එළියේ ආර්ථිකයක් ගොඩනැගීම රජයක වගකීමක් , ඒ තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය හැකියි..රට තුළ ක්‍රිඩා සංස්කෘතියක් ගොඩනැගීමෙන් මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ගැටළු ගණනාවකට විසදුම් ලැබෙනවා, විනයගරුක සහ නිරෝගීමත් අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රිඩාව සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් ඒ වෙනුවෙන් වූ ජාතික සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.තවද, රැඳවුම් නිවාසවලින් නික්ම යන දරුවන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් 2026 අයවැයෙන් රජය රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති අතර, එම දරුවන් සඳහා නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ප්‍රතිලාභය ලබාදීමේ අවශ්‍යතවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය
ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක්කෙරුණු අතර නගර යනු ගොඩනැගෙන ඒවා මිස ගොඩනැගුණු ඒවා නොවන බවත්, ඒ අනුව විධිමත් සැලැස්මක් යටතේ යුගයේ අවශ්‍යතාවය අනුව නගර නිර්මාණය වීමේ වැදගත්කම පෙන්වාදුන් ජනාධිපතිවරයා පළාත් සභා මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ යටතේ භෞතිකව ව්‍යාපෘති සියයට 90%ක කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බවද මෙම රැස්විමේ දි අනාවරණය විය.. ආයතන අතර පවතින ගැටුම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවි තිබීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වු අතර එම ගැටලු විසදා ගනිමින් ජාතික සැලැස්මක් අනුව සියලුදෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය..
ග්‍රාමිය මාර්ග සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 122 ක් අනුමත වී ඇති අතර, ඉන් ව්‍යාපෘති 57 ක වැඩ දැනටමත් අවසන් කර තිබෙන බවත් මෙම රැස්විමේ දි අනාවරණය විය.
බහුමානීය දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් ප්‍රජාශක්ති වැඩසටහන යටතේ නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, සමාජ පරිසරය, මනව සම්පත් සංවර්ධනය සහ සැපයුම්ජාල ප්‍රවේශය සහ රැකවරණය කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන අතර එම ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදි සාකච්ඡාවට ලක්විය..
දිස්ත්‍රික්කයේ නිල සෙවන කාර්යාල ඉදි කිරීම සහ පාසල් ක්‍රිඩා පිටි සංවර්ධනය සඳහා ද විශේෂ ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර රට තුළ ක්‍රිඩා සංස්කෘතියක් ගොඩනැගීමේදී ක්‍රිඩාපිටි ඉදිකිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ක්‍රිඩාව දෛනික ජන ජීවිතයේ කොටසක් බවට පත් කිරීම සඳහා සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
නිවසක් ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 10ක් ලබා දීමේ වැඩසටහන ඇතුළු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස වැඩසටහන්හි ප්‍රගතිය ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.මෙහිදී Rebuilding Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර දිට්වා ආපදා තත්ත්වය වෙනුවෙන් වෙන් කළ මුදල් මෙම මූල්‍ය වර්ෂය තුළම වියදම් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර “රටම එකට” මෙහෙයුම ආරම්භ වූ 2025-10-30 දින සිට මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිදු කළ වැටලීම් 12608 අනුව විෂ මත්ද්‍රව්‍ය කිලෝග්රැම් 119.6ක් අත්ඩඅංගුවට ගෙන තිබෙන බව අනාවරණය කෙරිණි. දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමේදී සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගාල්ල නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය. ගාල්ල කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම, ගාල්ල නගරය ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සහ මහමෝදර පරිපාලන කලාපයක් ලෙස සංවර්ධනය කිරීම ඒ යටතේ සිදු කෙරේ.
මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවන තෙක් එම රැඳවියන් තාවකාලිව මහමෝදර සහ බෝගම්බර කඳවුරුවල තාවකාලිකව රඳවා තැබීමට තීරණය කළද, එය ස්ථීර බන්ධනාගාර බවට පත් කිරීමක් සිදු නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මහමෝදර රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස ස්ථාපිති කිරිමට ගත් තීරණය නැවත සලකා බැලීමට ද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය ඇතුළු රජයේ ආයත 18ක් මහමෝදර වෙත ගෙන යාම, ගාල්ල බන්ධනාගාරය බූස්සේ ඉදිකිරීම සහ රත්ගම කැළිකසළ ගැටලුව ඇතුළු පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ ගැටලුවට ලබා දිය හැකි කඩිනම් විසදුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය..
ගාල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලු පිළිබඳව ද විශේෂ අවධානය යොමු කෙරුණු අතර මහගොඩකන්ද, බද්දේගම ජල ව්‍යාපෘතිය, යෝජිත මාපලගම සහ තවලම නව ප්‍රජා ජල ව්‍යාපෘති ඇතුළු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස අවධානයට ලක්විය..
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති දකුණු පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සුසිරිපාල මානවඩු, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිශාන්ත සමරවීර, ටී.කේ. ජයසුන්දර, නිශාන්ත පෙරේරා, තිලංක යූ. ගමගේ, හසාරා ලියනගේ, චානක මාදුගොඩ, ගාල්ල නගාරාධිපති සුනිල් ගමගේ, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් යන මහත්ම මහත්මින් සහ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ..
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

