අන්නාසි වෙළඳපොළත් හාන්සියි - ගෙඩියක් 700 ඉක්මවයි
අන්නාසි වගා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවීම හේතුවෙන් මෙරට අන්නාසි වගා කිරීමෙන්, වෙළඳාමෙන් සහ අපනයනය කිරීමෙන් ඉවත්වීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දහස් ගණනකගේ ජීවනෝපාය අහිමි වෙමින් පවතින බවත් වගාකරුවන් සහ වෙළඳුන් පෙන්වා දෙති.
පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගය අද්දර ගම්පහ දිස්ත්රික්කයෙහි අන්නාසි වෙළඳාම පිනිස නොනිදන නගර ලෙස පැවති බැලුම්මහර සහ ඉඹුල්ගොඩ යන ප්රදේශයන්හි පැවති හැත්තෑවක් පමණ වූ වෙළඳසල් අතුරින් අද වනවිට දහයක් පමණ පවත්වා ගෙන යන ආකාරයක් දක්නට ඇත.
අතීතයේ නාවල ප්රදේශය අන්නාසි සදහා ප්රචලිතව තිබී ඇති බව පැවසෙන මුත් පසු කලෙක වැඩි වශයෙන් ගම්පහ දිස්ත්රික්කය තුල අන්නාසි වගා කිරීම ඉතා සාර්ථකව සිදුවුවද වර්තමානය වනවිට මෙම වගාව කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව සුලු හා මහා පරිමාණයේ අන්නාසි වගාකරුවන් පවසන අතර වෙළඳුන් පෙන්වා දෙනු ලබන්නේ, පවතින හිගය මත අන්නාසි මිල ගණන් අධික ඉහළ ගොස් ඇති බැවින් අලෙවියක් නොමැති මට්ටමකට පත්ව ඇති බවය.
අන්නාසි වගාව සඳහා යොදන පොහොර වර්ග සහ තෙල් වර්ග නොමැතිවීම හේතුවෙන් අස්වනු පහළ වැටීමට ප්රධාන වශයෙන් හේතුවී ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය විය.
මේ වනවිට පවතින අන්නාසි හිගය හේතුවෙන් කිලෝවක් රුපියල් 250 ක් 300 ක් පමණ මිලක් වන අතර රුපියල් 200 ක පමණ මිලකට අලෙවි කළ අන්නාසි ගෙඩියක් රුපියල් 700 ඉක්මවූ මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බව සිල්ලර වෙළඳුන් පවසති.
මහා පරිමාණයෙන් රටවල් කිහිපයකටම අන්නාසි අපනයනය කළ ආයතනයක ප්රකාශකයෙකු සදහන් කර සිටියේ, අන්නාසි හිගය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් රටට විදේශ විනිමය ඉපයූ අන්නාසි අපනයනය මුලුමනින්ම නවතා දමා ඇති බවත් පවතින අයහපත් තත්ත්වයට විසදුම් ලබා දීමට රජය පියවර ගත යුතු බවත්ය.
තිලකරත්න දිසානායක



popular news
-
Kumar Thursday, 18 August 2022 01:28 AM
Californiawata Porto Rico raten guwanengenaa itha rasawath annasi gediyak $1.50 wenawa. Lankawe welendo adika laaba gannawa athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

