ඌරහස්මංහන්දිය කැරෑකැටිය ප්රදේශයේ වෙල් යායක අභිරහස් අයුරින් මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (12)දහවල් සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ ඌරගස්මංහන්දිය පොළ අසල ලිපිනයේ පදිංචි අවිවාහක තිස්නව හැවිරිදි චතුරංග විජේසේකර සහ විවාහක හතලිස්දෙහැවිරිදි නාලක පුෂ්පකුමාර නමැත්තන්ගේ බවද පොලීසිය කියයි.
නීති විරෝධී අයුරින් වෙලට ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් ඔවුන් මියගොස් ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
විදුලි කම්බි ඇද්දේ යයි කියන දෙදෙනෙක්ද ඌරගස්මන්හංදිය කැරෑකැටිය පදේශයේදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. ඌරගස්මංහන්දිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.