අනුරාධපුර ශික්ෂණ රෝහලේ සරප් නිලධාරියාගේ කාර්යාල කාමරයේ ලිපි ගොනු කිහිපයකට ගිනි තබා ගණකාධිකාරිවරයාගේ මුදල් සෙප්පුව කඩා එහිවූ රුපියල් ලක්ෂ 63 මුදලක් අද (03) අලුයම සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.
රෝහලේ සනීපාරක්ෂක කම්කරුවන් විසින් ගණකාධිකාරිවරයාගේ නිල කාමරය සහ සරප් කාර්යාලය සුද්ධ පවිත්ර කිරීමේදි සරප් කාමරයෙන් දුමක් පිටව යනු දැක ඒ පිළිබඳව රෝහල් පොලීසියට දන්වා ඇත.
පරීක්ෂා කිරීමේදී එහි ලිපි ගොනු කිහිපයක් ගිනි ගෙන තිබූ බව පොලීසිය පවසයි.
ගණකාධිකාරිවරයාගේ කාමරය පරීක්ෂා කිරීමේදී එහි තිබු මුදල් සේප්පුව විවෘත කර තිබූ බවත් එහි තිබු මුදල් සොරා ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්යක්ෂ දුලාන් සමරවීර මහතා කියාසිටියේය.
අනුරාධපුර පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකය මගින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
අනුරාධපුර - තිසර සමල්