COVID -19 රෝගීන් වෙනුවෙන් ඉදිකරන විශේෂ ප්‍රතිකාර ඒකකයක් අනුරාධපුරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරිණි.
මෙත්සිරි සෙවන රෝහල් පරිශ්‍රයෙහි ඉදිකළ මෙම වෛද්‍ය දැඩි සත්කාර ඒකකය ඇඳන් 6 කින් සහ අතිනවීන පහසුකම් වලින් සමන්විතය.
පරිසර හිතකාමී ලෙස හා රෝහල් කාර්ය මණ්ඩලයේ උපරිම ආරක්ෂාව තහවුරු වන ලෙස නිර්මාණය කර ඇති මෙම දැඩිසත්කාර ඒකකය COVID -19 රෝගීන්ගේ ශ්වසන අපහසුතාවයට ශ්වසන ආධාර ලබාදීම වෙනුවෙන් නිර්මාණය කොට ඇත.
මෙම විවෘත කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ,උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ,හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ,උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
ඒප්පාවල - තිසර සමල්