රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන මැයි මස 31 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (10) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මැයි මස 31 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.