ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ සහල් තොග සියළු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත එළෙඹෙන සතිය තුළ නිකුත් කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
සුපිරි වෙළඳසැල් ජාලයන්හි නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.
ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 145කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් අලෙවි කිරීමට නියමිතය. එක් පාරිභෝගිකයෙකුට උපරියම කිලෝග්‍රෑම් 05ක් ලබාගැනීමට අවස්ථාව තිබේ.
