මෝටර් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුණෑගල-මීගමුව මාර්ගයේ බුලුපිටිය ප්රදේශයේ දීමෙම අනතුර ඊයේ සිදුව තිබේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු මෝටර් රථයේ රියදුරු සහ ඔහුගේ බිරිඳ කුරුණෑගල රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු (රියදුරු)සහ 30 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වීරඹුගෙදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.