අන්තවාදී මත පැතිරවීම හා පන්ති පැවැත්වීමේ චෝදනා යටතේ සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙයින් සැකකරුවන් දෙදෙනෙක් කොළඹදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලම්පිටියේ පදිංචි 31 හැවැරිදි පුද්ගලයෙක් හා තිහාරියේ පදිංචි 32 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සහරාන් හෂීම්ගේ අන්තවාදී මත අන්තර්ජාලය හරහා විකාශය කර ඇති බවට තහවුරු වී තිබේ.
වට්ස් ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් මොවුන් දෙදෙනා කටාර් රාජ්‍යයේ සිට රැකියා කරමින් සිටියදී අන්තවාදී මත පතුරුවා තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ දැනුම් දීමක් මත පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණි.
සහාරන් හෂීම් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරය එල්ල කිරිමෙන් අනතුරුව ඔවුන්ගේ ඡායරූපයක් හා යාඥාව අන්තර්ජාලයට නිකුත් කර ඇත්තේ මෙම සැකකරුවන් අතරින් එක් අයෙක් බවට විමර්ශනවලදී තහවුරු වී තිබේ.
මේ අතර මුතූර් ප්‍ර දේශයේදි 37 හැවැරිදි හා 38 හැවැරිදි සැකකරුවන් දෙදෙනෙක් 2018 වසරේ අවසන් කාලයේදී අන්තවාදී පන්ති පැවැත්වීම සඳහා පහසුකම් සැපයීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැකවීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.