ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම, අන්තවාදය සඳහා මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතරින් එක් පුද්ගලයෙක් මාතලේ පදිංචි 46 හැවැරිදි අයෙක් වන අතර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පිටුවහල් කළ අයෙක් වෙයි.
ඔහු අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්තවාදි ත්‍රස්ත ක්‍රියා කිරීමට මුදල් එකතු කර ඇති බවට විමර්ශන වලදී හෙළිය ඇති අතර ඔහු අන්තවාදී මතද පතුරුවා හැර තිබේ.
මේ අතර ඊයේ දිනයේදීම 49 හැවැරිදි මඩකලපුව කාන්තන්කුඩි පදිංචි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සිය මුහුණු පොත උපයෝගි කරගෙන පාස්කු ප්‍රහාරය සාධාරණ කිරීමට උත්සාහ කර ඇති අතර සහාරාන්ගේ සමීපතමයෙක් බවටද අණාවරණය වී තිබේ.
සැකකරුවන් කොළඹට රැගෙන විත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.