කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක නවතා තිබූ බවුසරක ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පොලිස් පරික්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ දිසා රථවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරනු ලබන අවුරුදු 36ක් වූ නුගදෙණිය ලෝලුවාගොඩ පදිංචිකරුවෙකි.
බවුසර් රථය ආරක්ෂක විදි විධාන අනුගමනය නොකර බවුසරය නවත්වා තිබූ බවත් එහි රියදුරු නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.