අන්තර් විශ්වවිද්‍යාලය අද (21දා) කොළඹදී සංවිධානය කිරීමට නියමිත විරෝධතාවකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
කොටුව පොලීසිය විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව මෙම උද්ඝෝෂණය සාමකාමීව හා නීත්‍යානුකූල අයුරින් පවත්වාගෙන යෑමට හැකියාවක් ඇතත් මහජනයාට හා වාහනවලට බාධාවක්, අනතුරක්ථ කරදරයක් සිදුවන ආකාරයට මහා මාර්ගයේ ගමන් කිරීමෙන් වැළකිය යුතුය.
එසේම නීත්‍යානුකූල සේවයේ නියුක්ත තැනැන්තන්ට බාධා කරදර ඇතිවන අයුරින් රජයේ කාර්යාලවලට සාමය කඩවන සුළු ආකාරයට බලහත්කාරී ලෙස ඇතුළුවීමෙන් වැළකිය යුතු බවත් අධිකරණ නියෝගයේ දැක්වෙයි.
අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු පිරිසකට එරෙහිව මෙම අධිකරණ නියෝගය ලබාගෙන ඇත.