කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 3 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අද (10දා) අලුයම සුඛෝපභෝගී මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියගිය බව අතුරුගිරිය රථවාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි.
එම වාහනවල ගමන් ගත් කාන්තාවන් සිව්දෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ මාලඹේ තලාහේන ප්‍රදේශයේ පදිංචි සුනේත්‍රා විජේසේකර 56 දෙදරු මවකි.
ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට ගොස් යළි මාලබේ ප්‍රදේශය කරා යමින් සිටි හත් දෙනකුගෙන් යුත් පිරිසක් ගමන්ගත් වෑන් රථය පිටුපසින් දෙදෙනකු ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථය ගැටීමෙන්මෙ ම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරක් සමඟ වෑන් රථ රියදුරු අසුනට පිටුපස අසුනේ සිටි කාන්තාවක් සහ තවත් කීප දෙනකු වෑන් රථයෙන් පිටතට විසි වී ඇති අතර කාන්තාවගේ සිරුර වම්පස ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් ඇයගේ ගෙල ප්‍රදේශය ආරක්ෂිත වැටේ යකඩ තහඩු කොටසට කැපී යාමෙන් හිස කොටස කඳින් වෙන් ව ගොස් එම ස්ථානයේදීම මියගොස් තිබූ බවත් බව පොලිසිය කියයි.
ගාල්ල ප්‍රදේශයේ වෑන් රථය අධිවේගී මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේදී මියගිය කාන්තාව වෑන් රථයේ පිටුපස අසුනේ ගමන් කර ඇති අතර මද දුරක් පැමිණෙද්දී ඇය තවත් අයෙකු සමග හිඳගෙන සිටි ආසන මාරු කරගෙන රියදුරු අසුනට පිටුපස අසුනට පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සුඛෝපභෝගී ජීප් රථය වෑන් රථය ගැටීමෙන් අනතුරුව වෑන් රථය දකුණු මං තීරුවට මිටර් 35ක් පමණක් දුරකට ඇදීගොස් එහි ඉදිරිපස කොටස ආරක්ෂිත වැට මත පතිත වී ඇති අතර ජීප් රථය අඩි 80 ක් පමණක් ඉදිරියට ඇදී ගොස් දකුණු පස ආරක්ෂිත වැටෙයි ගැටී උඩුකුරුව පෙරලී ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. සිදුවූ අනතුරින් අධිවේගී ආරක්ෂිත යකඩ වැටේ ස්ථාන කීපයකට සුඛෝපභෝගී ජීප් රථයට සහ වෑන් රථයට බරපතළ අලාභ සිදු වී ඇත.
වෑන් රථය ගමන් ගත් අයවලුන් මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ජීප් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත. ජීප් රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය කියයි.

