අධිවේගයේ ගමන් ගත් වෑන් රථයක් ගිනි ගනියි
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ කොට්ටාව සහ අතුරුගිරිය අතර දී වෑන් රථයක් ඊයේ ( 22දා) රාත්රී ගිනි ගෙන විනාශ වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.
ඒ සමගම එහි ගමන් ගත් පුද්ගලයන් පස් දෙනෙකු පිටතට පැන දිවි බේරා ගෙන ඇතැයි පොලිසිය කියයි.
හම්බන්තොට අධිවේගී පිවිසුමෙන් ඇතුළු වී කඩුවෙල දෙසට වෑන් රථය ධාවනය වෙමින් තිබියදී වෑන් රථයෙන් කර ගඳක් වහනය වීමත් සමගම රියැදුරු වෑන් රථය නතර කර ඇති අතර ඒ සමගම වෑන් රථයේ ඉදිරිපස කොටසින් මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය කියයි.
අධිවේගී රථවාහන පොලිසියේ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමුව ද ඒ වන විටත් වෑන් රථය මුළුමනින්ම ගින්නෙන් විනාශ වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
දිවි බේරා ගත් පුද්ගලයන් කැලණිය බොල්ලෑගල ප්රදේශයේ පදිංචිකරුවන් ය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

