අධිවේගයෙන් පන්නන්න හැදූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් කසාගලදී මාට්ටු
පුපුරණ ද්‍රව්‍ය තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කසාගල අධිවේගී පිවිසුවේ පොලිස් නිළධාරින් විසින් අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය, මුල්කිරිගල පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයාගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වි ඇත්තේ ඕකෙවෙල ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන යන ගල් වැඩපොල සදහා තිස්සමහාරාමය පන්නෙගමුව ප්‍රදේශයේදී මෙම පුපුරණ ද්‍රව්‍ය ලබාගෙන මෙලෙස ප්‍රවාහනය කරමින් සිටි බවයි.
සැකකරු පුපුරණ ද්‍රව්‍ය සමඟ මත්තල අධිවේගී පිවිසුමෙන් ඇතුළු වි කසාගල පිටවීමේ දොරටුවෙන් පිටව යන අවස්ථාවේ පොලිසිය විසින් සිදුකල පරීක්ෂා කිරීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදි සැකකරු සන්තකයේ තිබී ඩෙටනේටර් 490ක්, ඇමෝනියා කිලෝ 25 ප්‍රමාණයේ මලු 14ක්, සේවා නූල් අඩි 5600ක්, වෙඩි බෙහෙත් කිලෝ 14ක් හා ජෙලට් නයිට් කූරු 240ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු හා පුපුරණ ද්‍රව්‍ය,කැබ් රථය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා වීරකැටිය පොලිසියට බාර දි ඇති අතර සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සූරියවැව නුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
