අධිවේගි මාර්ග පද්ධතිය ඉදිකිරිම සදහා දේශිය හා විදේශිය වශයෙන් රුපියල් මිලියන හැටඑක්ලක්ෂ, එක්දහස්තුන්සිය, හැත්තෑහතරක (611,374) ණය මුදලක් ලබාගෙන ඇති අතර පොලිය හැර මෙකි ණය මුදල ගෙවිම සදහා වසර 171කට අධික කාලයක් ගතවන බව අනාවරණය වි ඇත.
අධිවේගි මාර්ග පද්ධතියේ සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 3560.62කි. ඒ අනුව ණය හා පොලි ගෙවිම මෙම අධිවේගි මාර්ග ආදායමින් ආවරණය කරගැනිමට නොහැකි බව විගණනයේ දි අනාවරණය වි ඇත.
නව තාක්ෂණය උපයෝගි කරගනිමින් මෙහෙයුම් වියදම අඩුකිරිම සහ ආදායම තවදුරටත් වර්ධනය කරගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
